විහගි 5- පස්වැනි දිගහැරුම

 



පසුගිය කොටසින්…


“ විහගියෝ රිසාල්ට් දාලා.. ඉක්මනට බලන්න..මට නම් ටිකක් මදි මෙඩිසින් යන්න. 😒

මම ඉක්මනට internet එකට ගිහින් රිසාල්ට් බැලුවා..මගේ ඇස්වලින් කදුලු වැටෙනවා..😭😭😭


“මාමේ මාමේ අනේ ඉක්මනට එන්නකෝ මාමේ කියලා මං කෑ ගැහුවා…”


අද එතැන් සිට….


“ඇයි චුටියෝ…මොකද වුනේ… “🙄


“ අනේ රිසාල්ට් ඇවිත් මාමේ මට ඒ තුනක් තියෙනවා…“මම දණගහගෙනම මාමගේ කරේ එල්ලුණා…


“මං දැනගෙන ඉදියා..මගේ චුටියා ඒ දේ කරනවා කියලා.. “මාමගේ ඇස්වල කදුලු..


මං දුවලා ගිහින් අම්මගෙයි නැන්දගෙයි ෆෝටෝ දෙකට දණ ගහලා වැන්දා…


“ පුතේ රෑන්ක් එක කොහොමද තියෙන්නේ…“


“ දිස්ත්‍රික් 1st Island 22 මාමේ..“🥰


“ෂා මගේ චුටියෝ ඔයා නම්.. නියමයි ඈ..දැන් ඉස්සරහට දොස්තර නෝනා කියලද මාමා කතා කරන්න ඕනි… “ මට ලාවට හිනාවක් ගියා…🥰🥰


ඒත් එක්කම මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා…


“හෙලෝ පුතේ මං ආන්ටි… කොහොමද? රිසාල්ට් ඇවිල්ලා නේද? “ආන්ටි ඇහුවා..


“අනේ ආන්ටි..ඔව් මං පාස් ඒ තුනයි ,දිස්ත්‍රික් 1st Island 22 “මං නිහතමානිව කිව්වා..


“ෂා වාව්..කොන්ගෑට් පුතේ ..සෝ Proud of you…. මාමගේ පිං පොතට තව ලොකු පිනක් ඇඩ් වෙලා.. එයාට ගොඩාක් සතුටු ඇති..“🥰🥰


“අනේ ඔව් ආන්ටි..මාමා නැත්නම් මම අද මෙතන නෑ.. “


“ හරි පුතා මං වෝඩ් රවුන්ඩ් යන ගමන්… මේ නිවුස් එක ඇහුන ගමන් ගත්තේ.. මං ගන්නම් පුතාට“


“හරි ආන්ටි බුදු සරණයි.. “ බුදු සරණයි කියලා ආන්ටි ෆෝන් එක තිබ්බා…


“ තමරි ආන්ටි මාමේ..“


“ආ , මගේ චුටියට මොනවද ඕනි ඉතිං…“


“මට මොකුත් එපා.. මම කොහොම පාස් වුනත් මට මාමා දාලා කොහෙවත් යන්න බෑ මාමේ.. “😔😔


“ මම ගැන හිතන්න එපා මැණික දැන්.. ඔයාගේ ජිවිතේ දලු වැඩෙන්න අරන්..ඒවා ලස්සනට පැල කරගමු… අපි විසදුමක් හොයාගමු.. නිහාල් මාමාලත් ඉන්නවනේ..“


“මම වෙද මහත්තයට කෝල් කලා..හෙට උදේ 9 වෙනකොට එන්න කිව්වා..මම මාමට එහෙදී අදින්නයි , ඇදගෙන යන්නයි ඇදුම් දෙකක් තුනක් ගෙනාවා..බලන්නකෝ ඇතිද කියලා මාමේ..”


“ලස්සනයි පුතේ..පුතාටත් ඇදුමක් ගන්න එපැයි…මං සල්ලි දෙනවනේ..


සල්ලි ටිකක් මා ලග තියෙනවා මාමේ… “මං කිව්වා..


පහුවදා උදේම අපි වෙදගෙදර ගියා..මාමාට වීල් එකේ යන්න අමාරු නිසා අපි වෑන් එකක් හයර් කලා..


“මාස 3ක් 4ක් එන්න වෙයි.. මං හොදකරලා දෙන්නම්.. “වෙදමහත්තයා කිව්වා..


“අදයි හෙටයි පොඩ්ඩත් නැවතුනා නම් හොදා “වෙදමහත්තයා කිව්වා..


නිහාල් මාමා සම්පුර්ණ විස්තරේ වෙද මහත්තයට කියලා.. මටත් වෙද මහත්තයගේ දුවලත් එක්ක මේ දවස් දෙක ඉන්න පුලුවන් කිව්වා..ඉතිං ඒ දවස් දෙකේදී මාමගේ කකුලට අලුතින් තෙල් ගාලා තවලා පත්තු බැන්දා.. ටිකක් විතර වේදනාව අඩුයි කියලා මාමත් කිව්වා…තව මාසයක් යනකොට රෝදපුටුවෙන් කිහිලිකරුවලට යන්න පුලුවන් කියලත් වෙද මහත්තයා කිව්වා…


අපි වෙද ගෙදර ඉදන් එන දවසේ උදේ…අපේ ගෙදර වාහනයක් නවත්තලා තිබ්බා.. මට හිතුනේ ආන්ටි වෙන්න ඇති කියලා..මං ඉක්මනට ෆොන් එක බැලුවා..මේ ටිකේම එහේ නංගි එක්ක බෙහෙත් හදන්න ,උයන්න වේලාව ගිය නිසා ෆොන් එක බලන්නවත් උනේ නෑ..


මිස් කෝල් 50ක් ..අනේ අම්මේ…අයියෝ පව් ආන්ටි..බයටම එන්න ඇති..😔


අපි යනකොට ආන්ටිට වාහනේම නින්ද ගිහින්…නිහාල් මාමා අපේ මාමාව ගෙදරින් තියලා වෑන් එක බාර දෙන්න ගියා.. මං මාමාට සල්ලි දෙන්න හැදුවට ගත්තේ නෑ.මං ඒක බලාගන්නම් දුව කිව්වා..


මාමා කිව්වා ඇන්ටිට ගෙට එන්න කියන්න කියලා…මං යනකොට ආන්ටි නිදි .. ලස්සනම ලස්සනයි.. මාමට මේ තරම් ලස්සන යාලුවෙක් ඉදියද කියලා හිතුනා..මම Car එකේ Door එකට තට්ටු කරනකොටම ආන්ටි ඇහැරුනා..


“පුතේ කොහොද ගියේ මැණික ..මං හොදටම බය වුනා.. “කොල්ස් ආන්සර් කලෙත් නෑනේ..”🙄


“අනේ සොරි ආන්ටි..වෙද ගෙදර ගියා..එහේ වැඩ එක්ක ෆොන් එක අමතක වුනා.. “ මං සමාව අයැදින විදියට කිව්වා..


“වෙද මහත්තයා මොකද කිව්වේ පුතේ… “


“හොද කරලා දෙන්නම් කිව්වා ආන්ටි… “ ලබන මාසේ crutches මාරු වෙන්න පුලුවන් කිව්වා..”


අපි ගෙට ගොඩවෙනකොට මාමාත් වීල් චෙයාර් එක තල්ලු කරගෙන ඉස්සරහට ආවා..


“ තමරි දැන්ද ආවේ?“


“නෑ සහන් ඊයේ රෑ. දු ෆොන් එක ගත්තු නැති නිසා මට බය හිතුනා..ඉතිං රෑම ආවා.. “


මාමට හිල්ලුනා..මටත් අනේ කියලා හිතුණා.. පව් ..මාමට ගොඩාක් ආදරේ ඇති..


“මම ඉක්මනට මොනවහරි හදන්නම් ආන්ටි පැය භාගයක් දෙන්න.. “ මං කුස්සියට ගියා..


මම ඉක්මනට උයලා කෑම ටික මේසෙට දැම්මා…කන ගමන් ආන්ටි ඇහුවේ රිසාල්ට් ගැනයි..ඊලගට මොකද කරන්නේ කියලයි..මං කිව්වා මාමව දාලා යන්න බෑ තනියම කියලා..


“පුතා හිතේ නිදහසෙන් ඉගෙන ගන්න ඕනි.. මොකද ජිවිතේ මීට වඩා ලස්සනයි… ඔයාගේ මහන්සියට මාමගේ මහන්සියට වටිනාකමක් ලැබිලා තියෙනවා..පුතාට තියෙන ගැටලුව මාමා දාලා යන්න බැරිකම නම් මම ඒකට පිලිවෙලක් හදන්නම්…


“චුටියෝ මං ගැන හිතන්න එපා..මං මේ දේවල් බලාගන්නම්.. පුතා යන්නම ඕනි.. “


“ මං අදුරන අංකල් කෙනෙක් ඉන්නවා..මං එයාව මෙහේ නවත්තන්නම් ..එයාට ගෙදර වැඩ හොදට පුලුවන්.. ඒ ගැන හිතන්න එපා..“


කෑවට පස්සේ පැයක් විතර ඉදපු ආන්ටි ආයේ ගියා.. මං මාමව සෝදලා ඇදුමක් අන්දවලා.. මගේ ඉස්කෝලේ ටීචර්ට කෝල් එකක් ගත්තා..


“ දරුවෝ ඔයා කොහොද ඉන්නේ..අපි මේ ඔයාගේ ගෙදර එන ගමන්..“ ටීච කිව්වා..


ඒ කියනවත් එක්කම වාහනයක් ගෙදර මිදුලේ නතර වුනා..ෆින්සිපල් සර් ටීචලා තුන්දෙනයි හිටියා..මම ඉක්මනට ගෙට ගිහින් මාමව එක්කන් ආවා…


“අනේ සර් එන්න ගෙට…චුටියෝ පුටු දෙකක් ගෙන්න.. “


මං ඉක්මනට පුටු දෙකක් ගෙනාවා.. ටීචලා ඉදගන්නකොට මං වැන්දා..


“ඇයි පුතේ ඉස්කෝලෙටවත් නාවේ..“ ෆින්සිපල් සර් ඇහුවා..


මට කලින් මාමා කතා කලා…..


“ අනේ සර් දුවට හරියට කරදර… මාමා හැම විස්තරයක්ම අකුරක් නෑර කිව්වා… මං දැක්කා ටීචලා ඇස්වල කදුලු පිහදානවා…මං ඉක්මනට ගෙට ගිහින් තේ ටිකක් හදාගෙන ආවා..“


“ අනේ අපි මේ කිසිම දෙයක් දන්නේ මිස්ටර් සහන්… සොරි” ෆින්සිපල් සර් කිව්වා…


“මේ වගේ දක්ෂ දරුවෙක් මේ තරම් ප්‍රශ්න ගොඩක ඉන්නවා කියලා අපි දන්නේ නෑ..කොහොම වුනත් මේ දරුවා ලොකු ආදර්ශයක්..අපි ලොඩි උත්සවයක් සුදානම් කරනවා..ලබන සතියේ..ඒකට එන්න පුතේ අනිවාර්යයනේ..ඔයා අපේ ඉස්කෝලෙය ලොකු වටිනාකමක් ලබා දීපු කෙනෙක්…”🥰


ටික වෙලාවක් කතා කර කර ඉදපු සරුයි මිස්ලයි ගියා..මටත් හරිම සතුටුයි..මාමටත් එහෙමයි..ඉතිං කිව්වා වගේම ඒ දවස උදා වුනා..මාමයි මායි ඉස්කොලෙට ගියා..මං වගේම කැම්පස් සිලෙක්ට් වුන අනිත් හැමෝම එයාලගේ දෙමව්පියන් එක්ක ඇවිත් ඉදියා..මාමා ඇන්දේ සුදුපාට අත්කොට කමිසයකුයි..කොලපාට බතික් සරමකුයි..හරිම ලස්සනයි…හරියට නලුවෙක් වගේ… මම මාමවත් විල්චෙයා එකේ තල්ලු කරගෙන හෝල් එකට ගිහින් ඉදගත්තා..


අපිට පාසලෙන් සම්මාන දුන්නා..මට රන් සම්මානයක් දුන්නේ විදුහල්පතිතුමා..ඊට පස්සේ ලමයි කිප දෙනෙක් කතා කලා..ඒත් එක්කම මගේ නමත් කියවුනා අදහස් දක්වන්න කියලා..


“සැමදෙනාගෙන්ම අවසරයි.. මගේ රිසාල්ට් එක ඒ තුනයි..දිස්ත්‍රික් පුථමයා ..අයිලන්ඩ් රෑන්ක් එක 22…මම හිතනවා ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ කොහොමද පාඩම් කලේ කියන එක…අපිට ඉලක්කයක් තියෙනවා නම් ඒක ලගා කරගන්න අසීමිතව කැප වෙන්න පුලුවන් වෙනවා…උදාහරණයක් විදියට මට අම්මා තාත්තා නෑ..හිටියේ මාමයි නැන්දයි විතරයි.. එයාලා තමයි මට ඉගැන්නුවේ…. මගේ දෙමව්පියෝ වුනේ ඒ දෙන්නා.. ඉතිං මට ඒ දෙන්නට වටිනාකමක් දෙන්න ඕනි වුනා.. අනික මං දුප්පත් කෙනෙක්..ගොඩයන්න තියෙන එකම මාර්ගය ඉගෙන ගන්න එක විතරයි කියලා හිතුවා…ඒ දේවල් තමයි මාව නිදිවර්ජිත රාත්‍රින්ට සුදානම් කලේ..අනික් දේ තමයි මගේ මාමයි නැන්දයි … ඒ දෙන්නා නිසාම විතරයි මේ වගේ රිසාල්ට් එකක් මට ලැබුනේ… මං රෑ නිදි මරනකොට මාමයි නැන්දයි ඇහැරලා.. ඒ දෙන්නත් දුක් විදිනවනේ කියලා මතක් වෙනකොට මං තව පාඩම් කලා.. නැන්දා දැන් අපි අතර නැති වුනත් ඔයා තමයි නැන්දේ මේ ජයග්‍රහණයට හේතුව.. ඉතිං හීනයක් ඉලක්කයක් තියාගත්තෝත් ඔයාටත් ඕනිම දෙයක් ලබාගන්න පුලුවන්…”🥰


මගේ කතාවට ගොඩාක් අයගේ ඇස් තෙත් වෙනවා මං දැක්කා..මම මාමා ගාවට ගිහින් ආයේ ඉදගත්තා..මාමා මා දිහා යරි ආඩම්බරයෙන් තමයි බැලුවේ…උත්සවේ ඉවර වෙලා.. අපි ගෙදර ආවා…මේ විදියට දින සති ගෙවිලා ගිහින් නැන්දගේ තුන්මාසේ දානේ ලං වුනා.. අපි සුලුවට නැන්දගේ දානේ කලා…දානෙත් ඉවර වෙලා සති දෙකකින් වගේ මට කැම්පස් යන්න ආවා..තේරුනේ කොළඔ වෛද්‍ය පීඨයට… ඒ අතර තුරේ කීපවිටක්ම ආන්ටි ඇවිත් අපි ගැන හොයලා බැලුවා..මාමත් දැන් ටිකක් හිමිට ඇවිදිනවා crutches වලින්..ආන්ටි පොරොන්දු වුන විදියටම සරත් කියලා අන්කල් කෙනෙක් එක්කන් ආවා..දැන් මාමා තනියම නැති නිසා මට ඉයක් තිබුනේ නෑ… මට කැම්පස් යන්න තිබුන දවසේ උදේ මම යන්න කියලා මාමාට වැදලා සරත් මාමටත් වැදලා එලියට බහින්න හදනකොටම ආන්ටි ඇවිල්ලා මිදුලේ වාහනේ නතර කලා…


“ සොරි පුතේ පරක්කු වුනා.. ඊයේ රෑ ඔපරේෂන් එකක්..“


“ අනේ ආන්ටි ඇයි මේ හදිස්සියේ..“


“ පුතාව තනියම කොහොමද කැම්පස් එකට යවන්නේ..“😳


“යමු මාත් එක්ක… නගින්න..සහන් පුතාවමං ඇරලවන්නම්..”


“පරිස්සමින් චුටියෝ…”


“මං නිවාඩුවක් ලැබුන ගමන් එන්නම් මාමාව බලන්න…ඉක්මනටම “


අපි දෙන්නා වාහනෙන් යනකල්ම මාමා බලා ඉන්නවා මං දැක්කා. පව්… එතකොටම මට මතක් වුනා ආන්ටිට මං කිව්වේ නෑනේ අද කැම්පස් යනවා කියලා..


“ආන්ටි කොහොමද අද උදේම ආවේ.. “


“මම ඊයේ සරත් අංකල්ට කෝල් කලා..එයා තමයි කිව්වේ.. නැත්නම් මාමයි දුවයි මට කියන්නේ නෑනේ.. “


ආ්න්ටි අකුරැස්ස ටවුන් එකේන් වාහනේ නවත්තලා අපිව බොන්න කිරි පැකට් 2ක් ගත්තා…


“ පුතා ඇහුව නේද මම කොහොමද මාමව දන්නේ කියලා…?😳😳


ඉතිරිය සයවැනි දිගහැරුමෙන් බලාපොරොත්තු වන්න…


ඉතිං කතාව ලස්සනයි නම් කොමෙන්ට් එකක් දාන් යන්න..යාලුවන්ට බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා..🥰🥰🥰🥰

Post a Comment (0)
Previous Post Next Post
//